ශ්‍රී ලංකාවේ ඵලදායිතාව පිළිබඳව මූලික අවබෝධය 1966 වර්ෂයේ යොමු වූ අතර ගරු ඩඩ්ලි සේනානායක මහතා අගමැතිවරයාව සිටි කාලයේ දී ආසියානු ඵලදායිතා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කරන ලදි. එතැන් පටන් ශ්‍රී ලංකාවේ ඵලදායිතාව ප්‍රවර්ධනය විවිධ කාල වකවානුවල දී විවිධ මට්ටමින් ක්‍රියාත්මක වූ අතර කළමනාකරණ සංවර්ධන හා ඵලදායිතා මධ්‍යස්ථානය වශයෙන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ 1968 දී ආයතන ගත විය. ඉන් අනතුරුව මෙම ආයතනයේ කාර්යභාරයන් ජාතික ව්‍යාපාරිකත්ව කළමනාකාරණ ආයතන විසින් පවත්වාගෙන යන අතර 2001 වසරේ දී එම සියලුම කටයුතු එවකට තිබූ රැකිරක්ෂා හා කම්කරු අමාත්‍යාංශය යටතට පත් කරන ලදී. ශ්‍රී ලංකාවේ ඵලදායිතාව පිළිබඳ නව ප්‍රවණතාවයක් ඇති කරමින් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය එම අමාත්‍යාංශය යටතට ස්ථාපිත කරන ලද අතර මේ වන විට විධිමත් ආයතනයත් ලෙස ශක්තිමත් වෙමින් පවතී.









